හැන්දෑවට කඩාගෙන
හන්දියේ කඩෙන්
පාන්ගෙඩි මල් දෙකක්
වඩින්නී පොඩිපැළට
කිරිබර තනැත්තියක වී
හඬන කුරුලු
පැටවුන්ට...
කෙඳිරිය නැගෙන පපුවක
අලුපාට උණු මයිල්ගස්
අතර
වින්ටජිනෝ ගල්වා
දිගෑදෙන්නී ඒ පැදුර මත
ම
සෙනේබර ළයැත්තියක වී
මියැදෙන
පිරිමි මිනිසාට...
ගාමන්ට්ටෙකේ දුක මහන
දහසක් කඳුලු ඇස් වෙත
හිනාවක් වීසි කර
හිනැහෙන්නී
අහුනොවෙන්නට
කණිපින්දං නඟන
සුපවයිසර්ට...
No comments:
Post a Comment