වසාගත් විට
ඇස් පිය තරකොට
පිටත කිසිදු
ශබ්දයක් නොඇසෙන තරම්,
කලුවර අතරින්
එවිට ය
මගේ කවිය මට
ඇසෙන්නේ නෑහෙන සරෙන්...
...
ඉල්ලීමකුදු
නොමැති ව පැමිණෙන
වසන්තය නික්ම
ගිය දින ඉඩෝරයක
සීතල වැහි
බිඳක් වැටෙන විට ය
මගේ කවිය මට
ගලන්නේ සෙමින් සෙමින්...
...
ගලා යන දිය රැල්ලකට
එදිරි ව
ගඟ දියත
සවිමත් ව
පිය එසැවෙන
විට ය
මගේ කවිය මට
දැනෙන්නේ මුදු ව තිර ව...
...
කවුරුන්ට
නොදැනෙන පෙදෙසක
මට ම පමණක්
දැනෙන ජීවයක් ගැන
කිසිවෙකුට
නොදැනෙන විට ය
මගේ කවිය මට
මැවෙන්නේ පණැ‘ති ව...
No comments:
Post a Comment