Saturday, March 30, 2013

දිලිසෙන ඇස් ඇති රුවැත්තිට....

හැම හීනෙක ම නුඹ ඇවිදින් රහසේ ම
කඳුලක් තියා පොළියට හීනේ අගට
හිනැහී මට ඔච්චමට ඇස් අග බැල්මෙන් ම
නික්මෙන හැටි ඔබිනවද නුඹෙ ලස්සනට....

හඳ නැති රෑක අහසේ මුලුවසං හිඳ
තරු නෙත් කැලුම් දී වෙහෙසා මගෙ හිත ම
හත්දින්නත් තරු මැදට වී මට බෝ දුරක
බැස යද්දී දුකයි එළිවෙන්නත් පෙර ම....

හුළඟක් හමද්දිත් ගහකොළ නමාගෙන
මට සැක නුඹ එහෙමවත් මේ අහ ඇවිදින්ද?
පාටක් ගඳක් නැති ලෝකය දැක්කා ම
හිත පෑරෙන්න මා රිද්දයි කාංසිය...

රිද්දන නහරවැල් එක එක තෝරගෙන
ගණංකාර නුඹෙ අරුමැති කෝළ හිත
අරගෙන යන්න දෙනවද ටික දවසකට
මුළා වෙන්න ආසයි ඒ හිත එක්ක....
-විකියා-
 

2 comments:

  1. ලස්සන එක්ක ගතිගුණ එන්නැති එකම
    රුවින් දිලෙන කෙල්ලන්ගේ හැටියක්ද?
    කදුළු දෙන්න මුන් නම් හරි හපනුන්ය
    මොනව කරන්නද අපේ සිත් රිදුනාට

    කඳුලට උරුම මේ සිත් දෙක වෙනුවෙන්ම
    කෙනෙක් හිඳි මතු අපවම පතාගෙන
    දවසක සුවකරන සිතිවිලි තියාගෙන
    පෑරෙන හිතම සනසනවා නුඹෙ මතක

    ReplyDelete
  2. දැනෙන රිදෙන සිතුවිල්ල යට
    නැවති කියවුවා හදක දුක
    හිමුව අහිමි කම් ලෝකයේ හැටි
    දරාගනින් මේ ජිවිතය අපේ...
    :-)

    ReplyDelete