Thursday, June 4, 2015

අපිට තව මොන පරිප්පු ද... නේ??

කොරියාවේ යාලුවෙක් ඉන්නව කිව්ව ගමන් අපිට සන්තෝසයක් දැනෙන හේතු ගණනාවක් තියෙනවා.. ඒකෙන් මං ඇතුළු බොහෝ දෙනෙකුට තියෙන රසවත් ම හේතුව තමයි ‘සෝජු‘....


කොහොම හරි මගේ අතිජාත මිත්‍රයෙක් දැනට අවුරුද්දකට විතර කළින් කොරියාවේ ගියා... හැබැයි හාදයා ගියේ ස්කොල් එකකට... වැඩිදුර අධ්‍යාපනය සඳහා... හැමදේ ම ගැන කතා වෙද්දි අපි අපිට ඒකාත්මික වෙන්න පුළුවන් මාතෘකා ගැන කතා කරන එක අපි දෙන්නගෙ පුරුද්දක්... අදත් එහෙම කතාවකට මුල පිරුවා...

‘මල්ලි කුඹුරක ගොයං කපන්න කලින් පරිප්පු හිටවල තියෙනව දැකල තියෙනවද‘ කියල මුන්දා මගෙන් අහනවා.. මං කුඹුරක පරිප්පු තියා නිකං පරිප්පු ගහක්වත් දැකල නැති එකේ උත්තර දීගන්න බැරුව හිටියා... කොහොම හරි අපේ චැට් එක අන්තිම වෙද්දි මං නොදන්න කෘෂිකාර්මික සංස්කෘතියක් ගැන බුද්ධික අයියා මට කියල දුන්නා...

බුද්ධික අයියගෙ රූම් මේට් නේපාල් කෙනෙක්... අපේ බුදු හාමුදුරුවො සිදුහත් බෝධිසත්තයො විදියට ඉපදිච්චි රටේ...

මේ රටේ පරිප්පු හදන්නෙ කුඹුරුවලමලු... ගොයං කපන්න සති දෙක තුනකට කළින් පරිප්පු ඉහිනවලු.. ඊට පස්සේ යන්තං පරිප්පු පැළ ඇදී ගෙන එන කාලේ වෙද්දිලු ගොයං කපන්න සෙට් වෙන්නේ... හැබැයි මේ පරිප්පුවලට පෝර මොකුත් ම දාන්නේ නැතිලු.. වතුරත් ඕනි වෙන්නේ නැතිලු..

(පින්තූරයක් හෙව්වා හෙව්වා හම්බ වෙලා නෑ...තිබ්බ නං පංකාදුයි අප්පා...)

මෙහෙම වවාගන්න පරිප්පු හින්දා එදිනෙදා ගෙදරට ඕනි කරන පරිප්පු කවදාවත් කඩෙන් ගෙනල්ලා උයන්න ඕනි වෙන්නේ නැතිලු... ගෙදර පරිභෝජනයට මේ විදියට කුඹුරෙන් ගන්න පරිප්පු ඕනිවටත් වැඩියිලු... ඒ එක්ක ම පෝරවලට වියදමක් යන්නැති හින්දා නිෂ්පාදන පිරිවැය ශූන්‍යයිලු... වතුර ගහන්න ඕනි කමක් නැති හින්දා ඒ ශ්‍රමයත් ඉතිරියිලු.. ගොයං ටික කපල ගෙට ගත්තට පස්සේ නිකං තියෙන කුඹුර හින්දා අමුතුවෙන් වගා බිම් හොයාගෙන දුවෑවිදින්න ඕනි නැහැල්ලු... ඇත්තනෙ...

මං එක්ක මේ ටික කියල බුද්ධික අයිය කියනව මේක අපේ රටට ඇප්ලයි කරන්න බැරිවෙයි ද කියලා...

මං මේ ලියන එකේ අරමුණ අන්න ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන එක නං නෙමෙයි... අප්පේ... හරියට හිතල බැලුවොත් අපිට කොයිතරං එව්වා මේ වගේ අතෑරිලා ගිහින් ඇද්ද???










1 comment:

  1. කළු ගඟයි බෙන්තර ගඟයි අතර බිමේ නම් කුඹුරු කෙරුවාව හැමදාම පාඩුයි. පරිප්පු ටිකක්වත් ගහලා බලන්න ඕනෙ

    ReplyDelete