Saturday, May 30, 2015

මට කවිය හමුවන වේලාව....

වසාගත් විට ඇස් පිය තරකොට
පිටත කිසිදු ශබ්දයක් නොඇසෙන තරම්,
කලුවර අතරින් එවිට ය
මගේ කවිය මට ඇසෙන්නේ නෑහෙන සරෙන්...
...
ඉල්ලීමකුදු නොමැති ව පැමිණෙන
වසන්තය නික්ම ගිය දින ඉඩෝරයක
සීතල වැහි බිඳක් වැටෙන විට ය
මගේ කවිය මට ගලන්නේ සෙමින් සෙමින්...
...
ගලා යන දිය රැල්ලකට එදිරි ව
ගඟ දියත සවිමත් ව
පිය එසැවෙන විට ය
මගේ කවිය මට දැනෙන්නේ මුදු ව තිර ව...
...
කවුරුන්ට නොදැනෙන පෙදෙසක
මට ම පමණක් දැනෙන ජීවයක් ගැන
කිසිවෙකුට නොදැනෙන විට ය

මගේ කවිය මට මැවෙන්නේ පණැති ව...

No comments:

Post a Comment