Saturday, May 30, 2015

වැලි ගොඩවෙද්දි ගිලෙන ජීවිත

.
විත්තිකරු -
බලපත්‍ර රහිත වැලිගොඩ දමන්නා ය...
නම විදානෙ ගමරාළලාගේ රෝහිත බුද්ධිකයි
වයස අවුරුදු තිස් දෙකයි රස්සාවට අවුරුදු විස්සයි
පැමිණිලිකරු -
බලපත්‍ර ලාභි වැලි බිස්නස්වරයා ය...
(ගරු කියල මුලට දාගන්නවා ළමයා)
නම පත්මනායක මුදියන්සෙලාගේ දොන් පංකජ කසුන් බණ්ඩාර ය
වයස අවුරුදු විසිපහක්කත් නෑ රස්සාවක් ඒහෙම ම කියලත් නෑ බිස්නස් ම තමයි මයි ලෝඩ්
.
.
පැමිණිල්ල -
තෑන්ක්ස් මයි ලෝඩ් ...
නෑ ස්වාමිනී, අපිට ඒහෙමම කියල ඉල්ලන්නෙ නෑ...
මේ රෝහිතලගෙ යුනියන් ඒකෙන් තමයි ටිකක් අරියාදු... දන්නැද්ද ගංවල අයනෙ... රිඩිකියුලස්...
යස් යස්... තෑන්ක්ස් ... තැන්කියු වෙරිමච් මයි ලෝඩ්....
අපේ ලේබර්ස්ලට ඒන්ට දෙනවනං වැඩට ඒ අැති...
පිට ගංවල අය කියල මෙයාලා අකමැති නං අපි ගමේ මල්ලිලා උණත් අපි ළඟ වැඩට ගන්න ලෑස්තියි... රස්සාවක්නෙ ඉතිං...
.
විත්තිය -
අඟලක්කත් මටත් ඔන්නෑ සුවාමිනී...
ඔය කොහොඹ ගහ අපේ තාත්ත ගඟේ ඔෆිස්සෙකේ බොසා කාලෙ
මං ඉන්දෝපු පැළැහැට්ට...
අම්මා රොටීයි තේ ජොග්ගුවයි අරගෙන අාවා ම අපි ඔතන ඉඳං  තමයි කෑවෙ...
ඒක පට්ට අාතල් කාලයක් සුවාමිනී...
ඔ්වා කොහොමත් අපේ...
අපි මළත් ඔව්වා අපේ...
පොඩ්ඩක් මට අවුල් ගියෙ අර අලුත් කට්ටිය ඒක්ක අාව කජු නිමල් දවසක් උදෙ මං ගඟට ඒද්දි ඔය කොහොඹ ගහට හුජ්ජ කරනවා මං දැක්කා...
අපි වඳින පුදන ගස්නෙ අප්පා... ගඟෙ වතුර වැඩි වෙද්දි අපි ඔය කොහොඹ අතුවල තමයි පඬුරු ගැට ගහන්නෙ...
අනික කජු නිමලුයි මමයි මෙතන ඉන්න ප්‍රභාත් රාළහාමියි පිරිවෙනේ ඒක පංතියෙ හිටියෙ... මමයි නිමලුයි ඔ්ලෙවල් ගණං පේල් උණා... ප්‍රභාත් පාස් උණා...
මං ගඟට ට්‍රාන්සර් උණා තාත්ත පැන්ෂන් යද්දි... නිමල් පංකජ සර්ලෑ බිස්නස්වලට සෙට් උණා... ප්‍රභාත්නං දැක්කෙත් ගොඩ කාලෙකට පස්සෙ...
(නඩුවට අදාළ නොවන විෂය පථයන් කෙරෙහි යොමු වෙමින් විත්තිය විසින් හිතාමතා ම ගරු අධිකරණයේ කාලය නාස්ති කිරීම පිළිබඳ පැමිණිල්ලෙ විරෝධය ගරු අධිකරණය පිළිගන්නවා..)
පර්මිට්ටෙක නං තාම සෙට් උන්නැත්තෙ ඔෆිස්සෙකෙන් ඒක තාම දුන්නැති හින්දා...
ගඟේ රස්සාව කරන අපෙ අයගෙ යුනියන් ඒකෙන් මං දිගට හරහට ඉල්ලීම් කළා...
සර්ලා හැමදා ම ෆීල් ඩියුටිලු සුවාමිනී...
අපිට වගේයැ ඒ සර්ලට...
.
(සාක්කිකරුවන් සිටී ද)
.
1 සාක්කිකාරිය
හැතපුම් 40ක් අෑත නගරයේ වැඩ වාසය කරන දේශපාලන දේව දූතියකි
නම පී.ඒම්. ගණේශ්වරී ඔසැන්ඩ්‍රා කුමාරිහාමි ය
වයස පනස් හතයි රැකියාව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී (ඔව්වොව් සමාජවාදී... අැහෙන්නැද්ද ඔය ළමයගෙ කණ) ජනරජයේ අසුවල් නියෝජ්‍ය අැමතිනිය ය
(හරියට ලියඋනා නේද ළමයා??).
2 සාක්කිකරු
නම පතිරණගෙ ප්‍රභාත් ශාන්ත අංක හතළිස්හතයි පනස්තුනයි අට...  
වයස ...............
(දෙවෙනි සාක්කිකරු වන තමා මෙය දුටුවා ද?)
විත්තිය කියන කතාව නිවැරදි නෑ...
මං ඒ වෙලාවෙ රෝහිත ව අත්තඩංගුවට ගත්තෙ බලපත්‍රලාභියාගෙ අණක් හන්දා නෙමෙයි...
(විත්තියෙ විරෝධය මේ ගරු - ගරු අධිකරණය භාර නොගන්නවා)...
මැඩම් තමයි කිව්වෙ අැරෙස්ට් කරන්න කියලා...
මං ලබන බැච්චෙකෙං ප්‍රමෝෂන් යන්න ඉන්නෙ ස්වාමිනී... ඔව් ඒක අැත්ත....
.
.
විත්තිකරු -
වැරැද්ද පිළිගන්නං සුවාමිනී...
ඔය පෑනත් කඩලා දාන්න සුවාමිනී...
මං සුභානියි පොඩි ඒවුවො දෙන්නයි මරල පයිනව කලු ගඟට සුවාමිනී...
ඔය පෑන කඩල දාන්න...
අර උලව් පර්මට් ටික මගෙ පෙට්ටියට දාන්න කියලා සර්ලට කියන්න සුවාමිනී... අම්මගෙ රෙද්ද
.
(ලියාගන්නවා ළමයා... ගරු අධිකරණයට අපහාස කිරීමෙ වරදට විදානෙ ගමරාළලාගේ...... )


1 comment:

  1. ජීවිතේ හෑරුවාට විකුණන්න දෙයක් නෑ සුවාමීනී

    ReplyDelete